Tuesday, December 3, 2013

සයුරක් නොදුටු ගඟුලක්

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ ....//

කඳුළක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා ....//
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා ...//
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - එච්.එම්. ජයවර්ධන


මෙම ගීය දොරට වැඩියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින්. 1981 දී එය "චන්ද්‍ර මඬල" කැසට් පටයට ඇතුළත් වුණා. නැවත 1998 දී සින්ග්ලංකා "නව රිද්ම ගී සොළොස" සංයුක්ත තැටිය හා කැසට් පටයටත්, 2005 දී "සුනිල් ගී 22" සංයුක්ත තැටිය හා කැසට් පටයටත්, ඇතුළත් වුණා.

No comments: