Tuesday, December 3, 2013

පාට දේදුනු සේදිලා


පාට දේදුනු සේදිලා
ඈත කඳු යායේ
සීත ‍රෑ සඳ පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ

 ලවන් තෙරේ
සෝ ගී සුසුම් නැඟේ
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිඳේ

පාට දේදුනු සේදිලා
ඈත කඳු යායේ
සීත ‍රෑ සඳ පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ

මා නුවන් දියේ
පීනා නැගෙන් සඳේ
පායා දුරින් ඇදී  මෙන්
පාවී නොයන් සඳේ

පාට දේදුනු සේදිලා
ඈත කඳු යායේ
සීත ‍රෑ සඳ පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ගීය ඇතුළත් වූ ඇල්බම
සුනිල් එදිරිසිංහයන්ගේ පළමු EP තැටියෙන් 1977 දී දොරට වැඩියා. 
1981 "චන්ද්‍ර මඬල" සින්ග්ලංකා කැසට් පටයටත් 1999 දී නිකුත්වූ සින්ග්ලංකා "නව රිද්ම ගී සොළොස" කැසට් පටය හා සංගත තැටියටත්  2001 දී නිකුත්වූ "නෑසෙන ගී රස 2" කැසට් පටය හා සංගත තැටියටත් ඇතුළත් වුණා.

No comments: