Friday, December 6, 2013

කවුරුන්ද ඔබ මගේ


කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ ....////

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු ...//
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ ...//

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ ...//
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සමන් අතාවුදහෙට්ටි
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


1977 දී සිය ප්‍රථම EP තැටිය‍ෙන් මෙම ගීය දොරට වැඩියා.
1981  දී "චන්ද්‍ර මඬල" කැසට් පටයට ඇතුළත් වුණා. 1998 වසරේදී "සින්ග්ලංකා" සමාගමේ " නව රිද්ම  ගී සොළොස" සංයුක්ත තැටියට හා කැසට් පටයටත් නැවත 2001 වසරේදී "සින්ග්ලංකා" සමාගමේ " නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: