Monday, December 2, 2013

නිල් කටරොළු මල් ගොමුවේ


නිල් කටරොලු මල් ගොමුවේ පැණි උරනා සමනළයෙක්
මිදුලේ දුවපැන නටනා පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමාණම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ළමයෙක්

පුංචි කමට නොදැන කරන වැරදි වලට සමා නො‍වී
කෝටු පාර ඉඳ හිටලා නුඹට තලද්දී
නෙත කඳුළින් නුඹ හඬද්දි
හිත කඳුළින් මං හැඬුවෙමි

නිල් කටරොලු මල් ගොමුවේ පැණි උරනා සමනළයෙක්
මිදුලේ දුවපැන නටනා පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමාණම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ළමයෙක්

කිරි කළ හත පෙවී නුඹට පා පොඩි එසවුණු දා සිට
සුරතල් සිහිනයකි මගේ ළය මුළුගැන්වී රැඳුණේ
නුඹ හොඳ මිනිහෙක් වන දා
මල් පිපියන් මගේ සිහිනේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සුනිල් ආර්. ගමගේ
තනුව - එච්.එම්. ජයවර්ධන



ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී මගේ සෙනෙහස කැසට් පටයටත් 2003 දී The best of Sunil 2 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments: