Thursday, December 5, 2013

දැදුරු සිතක

දැදුරු සිතක දෙසඳුන්
ගල්වන්නට ආ විහඟී
කඳුළු නැතත් ඇයගෙන්
ගිනිගත් මේ සිත විරහී ...//

රත් පැහැ ගැන්වුණු සඳුගේ එළියත් හරි උණුසුම් //
නිර්මල සිතකින් ඔබ පුදනා පෙම මට නොතරම්
මට නොතරම්

දැදුරු සිතක දෙසඳුන්
ගල්වන්නට ආ විහඟී
කඳුළු නැතත් ඇයගෙන්
ගිනිගත් මේ සිත විරහී

දෙවැනිය වී ඔබ ගෙනෙන පහන් දල්වනු කෙලෙසින් //
දෙවැනි වරට දල්වන්නට සිළුවක් නැතිය ඉතින්
නැතිය ඉතින්

දැදුරු සිතක දෙසඳුන්
ගල්වන්නට ආ විහඟී
කඳුළු නැතත් ඇයගෙන්
ගිනිගත් මේ සිත විරහී

ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: