Tuesday, December 3, 2013

දෙවොලේ නොකැළැල්


















දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල් ...//

මලෙකින් මලකට ඇදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල්
එක මලකින් පමණක් රොන් ගන්නම්
අන් මල් මත නොතබා උණු කඳුළැල්

දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්

පවසට ඵල නැත සයුරේ රළ වැල්
දිය දෝතක් ගමි දොළකින් සිහිලැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්

දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල් ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන

චිත්‍රය ජෝර්ජ් කීට් ශිලිපියාගේ නිර්මාණයකි.


ගීය ඇතුළත් වූ ඇල්බම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා. 
1981 "චන්ද්‍ර මඬල" කැසට් පටයට සහ 2001 දී නිකුත්වූ "නෑසෙන ගී රස 1" කැසට් පටය හා සංගත තැටියට ඇතුළත් වුණා.

No comments: