Friday, December 6, 2013

කැලෑ මලේ කතන්දරේ















කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

සලෙල දනන් කුල්මත් කළ ඔමරි ලතාවයි
මල් උයනේ සුවඳ සැදූ කිඳුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවැනි කැලෑ මලෙක කතාවයි

කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

ලඳුනි නුඹෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසඳුන් මියුරු වදන් නොමැත අමා වන්
මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
මල්නෙලඳුන් අතරතුරේ වාසනාවන්

කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඬා වැළපීමයි කැලෑ මලේ කතන්දරේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන
1982 දී තිරගතවූ "කැලෑ මල්" චිත්‍රපටියේ තේමා ගීතයයි.

1982 දී නිකුත්වූ "සඳකඩපහණ" කැසට් පටියට සහ 2001 වසරේ නිකුත් වූ "නෑසෙන ගී රස 2" සංගත තැටියට මේ ගීය ඇතුළත් වුණා.


No comments: