Friday, December 6, 2013

හද පාරනා


හද පාරනා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින් ...//

තනිව නැගෙද්දී පෙරට ඇදෙද්දී
මාවත අවුරණ ලොවක මෙසේ ...//
තනිවූ දෙපයින් ජීවිතයේ
බාධක දිනන්නෙමි

හද පාරනා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින්

පහර වදිද්දී සැවොම රිදුම් දී
ඒ සිත හඬවන ලොවක මෙසේ ...//
තනිවූ දෑසින් යායුතු වූ
මාවත දකින්නෙමි

හද පාරනා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින්... //

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුලරත්න ආරියවංශ
තනුව - සරත් ද අල්විස්

No comments: