Monday, December 2, 2013

කුඩා ගමේ මද්දහනේ


කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කරලන්නට වරම් නැතුව ගියා

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
1976 "හුළවාලි" චිත්‍රපටියෙන්


මේ ගීය පසු කලෙක "සුනිල් - මාලිනී යුරෝපයේදී" (1985) කැසට් පටයටත්,  2001 වසරේදී නිකුත්වූ "නෑසෙන ගී රස 1" කැසට් පටය හා සංගත තැටියටත් ඇතුළත් වුණා.

No comments: