Thursday, September 29, 2016

හුදෙකලා මේ රාත්‍රියේ

හුදෙකලා මේ රාත්‍රියේ
නෙතු නොනිඳන මේ පැයේ
මට තියා ගිය ආදරේ
නුඹෙ උණුසුම් ආදරේ ....//
තනිව විඳිමි මේ රැයේ

නිල් තාරකා නිදා නොනිදා දුර ඈතට වී
විල් තෙරේ පිපුණු මලකට මුදු හාදුවක් දිදී
රත් කොපුල් තලා වැටෙනා කඳුළු පිරිමදී

හුදෙකලා මේ රාත්‍රියේ
නෙතු නොනිඳන මේ පැයේ
මට තියා ගිය ආදරේ
නුඹෙ උණුසුම් ආදරේ
තනිව විඳිමි මේ රැයේ

රෑ පුරා හෙළූ සුසුම් වලට විරාමය නොදී
නුඹ යන්න ගියා දුර ඈතට මටවත් නොපෙනී
මං නුඹට දුන්නු ආදරේ නැවත මට නොදී

හුදෙකලා මේ රාත්‍රියේ
නෙතු නොනිඳන මේ පැයේ
මට තියා ගිය ආදරේ
නුඹෙ උණුසුම් ආදරේ
තනිව විඳිමි මේ රැයේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - දයානන්ද රත්නායක
තනුව හා සංගිතය - සිරිල් පෙරේරා

No comments: