Monday, September 26, 2016

තුට කළ ලෙවන්

තුට කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ළෙද
ඉට කළ අරුත් පුවතර මා නෝන සඳ
රට තුළ සිරින් අවුරුදු මඟුල් විය සොඳ
මට තුළ සතොස් නැත නුඹ නාවොතින් අද

උස්සා කර බැලුවෙ දුටු දා සිට නෙතට
උත්සා කරන වගකුත් නෑ පෙනෙන්නට
මැස්සා ඉගිලුණා වැනි ගියෙ ගේ තුළට
ඇස් වා වදිනවද දුටුවම මුහුණ මට

වතාවත් සඳෙව් නෙත් දෙක නිලුපුල්ලා
ඇතායුර ගමන යයි වටපිට බලලා
ඉතා රතු ලියක් කහවත්තෙදි දැකලා
කතා නොකර ආවෙමි සරණය පතලා

පුන් සඳ දෝ මිදුලේ කරකැවෙන්නේ
රන් බඳ දෝ ගෙයි ඇඳ පිට නිදන්නේ
රන් කොළ දෝ ඔය ළමයා ගොතන්නේ
පිං මදි දෝ මා ළංකර නොගන්නේ
පිං මදි දෝ මා ළංකර නොගන්නේ ..

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ගජමන් පුවත කවි වලිනි.
තනුව - රෝහණ බැද්දගේ

දයානන්ද ගුණවර්ධනයන් ගේ ගජමන් පුවත නාට්‍යෙයනි.

No comments: