Monday, September 26, 2016

සිතිජ ඉම මායිමෙන්

සිතිජ ඉම මායිමෙන්
පාට දේදුනු මැකෙයි
මතක ලුහුබැඳ ගොහින්
සුවඳ දෝතට ගෙනෙයි

ඈත දුර සඳ දිළෙයි
තරුත් ඒ ළඟ හිඳියි
කෝළ ඔය හිතට මං තාම හරි ආදරෙයි
ආදරෙයි

සීත රෑ පිනි වහියි
සුසුම් හද පාරවයි
නීල තරු ඇස් දෙකක්
අරන් හඳ මෝදු වෙයි ...//
නපුරු දම් පාට හැන්දෑවෙ මං අසරණයි

කුමුදු කොඳ මල් පිපෙයි
සෙනේ හසරැළි නැඟෙයි
මිලින නෙත් මත වෙළී
හාදු වැස්සක් වැටෙයි
දරා ගන්නත් බයයි
හිරුත් දැන් අවදිවෙයි
ඔන්න මනමාල සුළි සුළඟ හරි කරදරයි

සිතිජ ඉම මායිමෙන්
පාට දේදුනු මැකෙයි
මතක ලුහුබැඳ ගොහින්
සුවඳ දෝතට ගෙනෙයි

ඈත දුර සඳ දිළෙයි
තරුත් ඒ ළඟ හිඳියි
කෝළ ඔය හිතට මං තාම හරි ආදරෙයි
ආදරෙයි

කෝළ ඔය හිතට මං තාම හරි ආදරෙයි
ආදරෙයි
ආදරෙයි

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - උපුල් ශාන්ත සන්නස්ගල
තනුව - තරුපති මුණසිංහ

No comments: