Thursday, December 8, 2016

මරතොණ්ඩිය රටා

මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා

වාංගු හඬ පූජාවේ තුන් යමට ම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුළි ගැහිලා
කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා

මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා

එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
මුන්දානිය ගෙල එතුණා නුඹ ගෙයි සිර කරලා
පාට පාට සමනලියන් පැළලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා

මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා ///.

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
තනුව - ගුණදාස කපුගේ

No comments: