Saturday, January 21, 2017

වෙරළේ හැපිල

වෙරළේ හැපිල හිනැහී දුවලා
නැළවී බිඳුණා දිය රැල්
මුහුණේ සිනා මුතු මල් විලසේ
වෙරළේ පිපුණා පෙණ රැල්

සුහදේ මෙ මගෙ ළමැදේ පෙරළේ
සිහිලේ රඳවා හැම කල්
කිඳුරී ලෙසේ මල හා වෙසෙමී
දෙතොලේ මවමින් හසරැල්

ආදරේ
සීතලේ
වේදනා
සංසිඳේ

ආදරේ
සීතලේ
මාවතක් තනල සරසන්න සුහදේ මාගේ

වෙරළේ හැපිල හිනැහී දුවලා
නැළවී බිඳුණා දිය රැල්
මුහුණේ සිනා මුතු මල් විලසේ
වෙරළේ පිපුණා පෙණ රැල්

කිඳුරංගනාවී ඔයා
පීනාලා එන්නම් සොයා
අනුරාග රස ගීතිකා
පවසන්න ආවේ සොයා

අප දැක (ආ හා හා)
මතුකොට (හෝ හෝ හෝ)
මුව පෙම් (හ්ම් ම් ම්)
හසරැල්
සංගීත පෙම් ගීත තාලේ පෑවේ

වෙරළේ හැපිල හිනැහී දුවලා
නැළවී බිඳුණා දිය රැල්
මුහුණේ සිනා මුතු මල් විලසේ
වෙරළේ පිපුණා පෙණ රැල්

කිරි කවඩි ගෙනවිත් තියා
මුතු මාල විසිරී ගියා

කිරි කවඩි වාගේ සිනා
ඔය මූණේ පැතිරී ගියා

අප දැක (ආ හා හා)
දිව එන (හෝ හෝ හෝ)
මුව පෙම් (ආ හා හා)
හසරැල්
සංගීත පෙම් ගීත තාලේ පෑවේ

වෙරළේ හැපිල හිනැහී දුවලා
නැළවී බිඳුණා දිය රැල්
මුහුණේ සිනා මුතු මල් විලසේ
වෙරළේ පිපුණා පෙණ රැල්

සුහදේ මෙ මගෙ ළමැදේ පෙරළේ
සිහිලේ රඳවා හැම කල්
කිඳුරී ලෙසේ මල හා වෙසෙමී
දෙතොලේ මවමින් හසරැල්

හ්ම් ම්ම්... හ්ම් ම්ම්... හ්ම් ම්ම්... ///

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද - ධර්මසිරි ගමගේ
සංගීතය - එම්.කේ. රොක්සාමි
1977 දී ප්‍රථම වරට තිරගත වූ "නීලා" චිත්‍රපටියේ ගීයකි.

තනුව ස්වතන්ත්‍ර ද, අනුකාරක ද කීමට නොදනී.

No comments: