Monday, February 27, 2017

ලෝ අම්බලමේ ඉඳලා යනවා


හෝ... ..........

ලෝ අම්බලමේ ඉඳලා යනවා
නිසි පාර සොයා ආගන්තුකයා
දෙයි මාන බලා කරුමේ පහරා
මේ ජීවිතයේ කෝ ස්ථිරතා

පිණි බිංදු වගේ බිඳි යාවි සැණේ
මේ නිසරු භවේ අපි ආලෙ කළා ...//
කරුමේ කළේ මේ කිමදෝ අනේ
අහො කරුමේ කළේ මේ කිමදෝ අනේ
මේ මාව දමාලා යන්නෙ කොහේ

ලෝ අම්බලමේ ඉඳලා යනවා
නිසි පාර සොයා ආගන්තුකයා

ගිණි දැල්ල නගින්නා සොහොන පුරා //
දුම් කන්ද නගී ආකාසෙ කරා
ගිණි දැල්ලෙ ආකාරේ මා හර්දෙ පලා
පව්කාර භවේ පව් ඵලදී අහෝ
පව්කාර භවේ පව් ඵලදී අහෝ
මේ ජීවිතයේ කෝ ස්ථිරතා

ලෝ අම්බලමේ ඉඳලා යනවා
නිසි පාර සොයා ආගන්තුකයා

සංසාර දුකින් මිරිකීම තමා
මේ ලෝකේ සොබා දහමේ නියමා ...//
මරණේට ආදා යා යුතුයි, ඔහු
මරණේට ආදා යා යුතුයි
මේ ජීවිතයේ කෝ ස්ථිරතා

ලෝ අම්බලමේ ඉඳලා යනවා
නිසි පාර සොයා ආගන්තුකයා
ලෝ අම්බලමේ ....

ගායනය - ජික්කි ( පී.ජී. ක්‍රිෂ්ණවේනි)
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - එස්. එස්. වේදාවලම්
1957 දී තිරගතවූ 'ජීවිත සටන' චිත්‍රපටියේ ගීයකි.

1951 දී තිරගතවූ 'බාදල්' හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Do Din Ke Liye Mehmaan Yahaan" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

No comments: