Monday, November 13, 2017

මිතුරින්ද රාජ මාලිගා

මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ ...//
කොයිබ වෙන්නේ දෝ දැන් දැන්
පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ

පේන පේන දැඩි ද්වාර පෙනේයා
මුරකාවල රැඳි සෙබලු පෙනේයා ...//
නොම පෙනේ රජුගෙ ශාලා

අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා ..//

මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ ....//

මාලිග මාලිග ආන් පෙනේයා
මුරගේ වාසල වහලා ...//

අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා ..//

මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ  ...//
කොයිබ වෙන්නේ දෝ දැන් දැන්
පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ
කොයිබ වෙන්නේ දෝ///

ගායනය - කෝලිත භානු දිසානායක

චාර්ල්ස් ඩයස් කලා ශූරින්ගේ විදුර නාටකයෙනි.

No comments: