Thursday, February 15, 2018

විරාග රාගය




විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය

විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

ඔබ අඩවන් නෙතු
කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූවා

කර ගනු බෑ සතු
නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබෙ මුණිවර මනසින් පෙම් කළ දා
ඈ අසරණ වූවා


විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය

විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

නුරා එගිනි දළු
ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඇය තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා

ඔබේ මිලින ගති
ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා

විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය

විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

ගායනය - අමරසිරි පීරිස් සමග අමල් පෙරේරා
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - සුරේෂ් මාලියද්දේ

මෙම ගීයේ රූප රචනය - තිසර ඉඹුලාන
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
රඟපෑවා - මහේන්ද්‍ර පෙරේරා, යශෝධා විමලධර්ම සමගින් හේමාල් රණසිංහ

No comments: