සිංහල චිත්‍රපටි ගීත

Thursday, March 19, 2015

නීල නුවන් යුග

නීල නුවන් යුග කවියක් විය ඔබගේ          
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ ...//

ඇයගේ දෑසින් කියවූ කවියද මුමුණන්නේ
තනි වී

නීල නුවන් යුග කවියක් විය ඔබගේ          
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී              
දේදුනු සායම කලතා ...//

ඇගේ හදේ දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ
තනි වී

නීල නුවන් යුග කවියක් විය ඔබගේ          
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

2 comments:

  1. පදපෙළේ //තුඩගේ// පදය තුඬගේ ලෙස නිවැරැදි විය යුතුය, එය තුඩ+අගේ = තුඬගේ ය

    ReplyDelete
    Replies
    1. තුඩ + අග = තුඩග මිස තුඬග නොවේ. මුව + අග = මුවඟ ද?
      මහ ඇදුරු (මහැදුරු) සුනිල් ආරියරත්නයන් ට ඕක කියන්න.

      Delete