සිංහල චිත්‍රපටි ගීත

Friday, March 6, 2015

ගහ කොළ මල් කඳු වැටි

ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ
අසා සිටිනවා
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා –  රහසේ
දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ

ගහ කොළ මල් කදු වැටි නිසොල්මනේ අසා සිටිනවා
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා –  රහසේ
දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ

රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ
රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ
රැයේ අඳුරේ ඒ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ – රහසේ
දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ

සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
ඹබේ  සෙවනේ මා ගී හඬ ගොළුයි
මුවට වදන් මතක නෑ – රහසේ
දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ

ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ
අසා සිටිනවා
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා –  රහසේ
දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ

දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ ..////

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක මග ලතා වල්පොල
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ 1977 දී තිරගතවූ "ශ්‍රී මදාරා" චිත්‍රපටියෙනි.

2 comments:

  1. මෙම ගීතය ඇතුළත් චිත්‍රපටය සිරිමැදුර නොව සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් විසින් අධ්‍යක්ෂණය කළ 1977 මාර්තු 18 දින තිරගතවූ "ශ්‍රී මධාරා" චිත්‍රපටයේය.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. අකුරු කරණය කළ අය අතින් සිදුවූ වරදකි. පෙන්වා දීම ගැන ස්තුතියි. මෙවැනි සදොස් තැන් තවද තිබිය හැක.
      ⁣ඔබ කවරෙන් ද යන සඳහනින් comments දානව නම් වඩාත් හොඳයි.
      මේ වරද නිවැරදි කරන්නම්.

      Delete