සිංහල චිත්‍රපටි ගීත

Wednesday, December 28, 2016

බිංදු බිංදු තාරකා

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ
සුභ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමිවු ආදරේ රත් පියුම් පිපේ
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ

තනිවී ගිම්හානයේ
වැලපේ කොවුලා වනේ ...//
සඳ මත ආදරයේ සෑය මැවේ
වියැකී බඹර ගීත මලක රොන් සැළේ

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ

විස මදු පුරවා විතේ
ගෙනදී දෝතින් ඔබේ ...//
මා හද සෑය දවා දෑස නිවා
නංවණු මන්දහාස මියෙන මා නෙතේ

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ
සුභ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමිවු ආදරේ රත් පියුම් පිපේ
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - එච්.එම්. ජයවර්ධන

2 comments:

  1. රත් පියුම් පිපේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. අකුරුකරණයේ දී වූ දොසක්
      දොසක්. කිවැරදි කරන්කම්.

      Delete