සිංහල චිත්‍රපටි ගීත

Saturday, July 20, 2019

අම්බිලි මාමේ



අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

වටින් පිටින් ඇදෙන්නේ
මුහුණ ඔබේ පිසින්නේ
සේද යොදා සැදූ වලා සළුද කියන්නේ

පාත බලන්නේ මුව විහිදන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ
පාත බලන්නේ මුව විහිදන්නේ
රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

සිසිල් සුළං හමන්නේ
කුමුදු සමන් පිපෙන්නේ
අඳුරු කැලෑ දසත බලා පැනල දුවන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලෑ බිම සරසන්නේ
තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ
කුසුම් සලා රේණු කැලෑ බිම සරසන්නේ

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ //
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

සියල් සතුන් නිදන්නේ
සුරන් මෙලෝ වඩින්නේ
ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ

සිරස සදන්නේ රැස් පළඳන්නේ
සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝ පුබුදන්නේ ...//

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ
පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ආර්.එන්.එච්. පෙරේරා
තනුව - සී.ටී. ප්‍රනාන්දු

රූපය - 1968 දී මෙම ගීය EP තැටියකට නැගුණි. ග්‍රැමෝන් තැටියකට නැගුේ 1952 දී His Master's Voice ේබලයෙනි.

8 comments:

  1. රත්න දීප ගීතය දාන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔබට ගීයක් සොයා ගන්න අවශ්‍ය විට, ගීයේ මුල් වචන දෙක හෝ තුනට පසු ගී අරණ යැයි සඳහන් කර සෙවීමක් Search කරන්න, ඕනෑම search engine එකකින්. ගී අරණේ එම ගීය බොහෝ විට තියෙනවා. ඒ විදියට 'රත්නදීප ගී අරණ' කියා search කළොත්, ඔබට ගීය හොයාගන්න පුළුවන්. https://geearana.blogspot.com/2015/04/blog-post_84.html?m=1

      Delete
  2. රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ
    රිදී නොව මෙතනට පැමිණිය යුත්තේ සිසිල් කියා.

    ReplyDelete

  3. "රිදී නොව මෙතනට පැමිණිය යුත්තේ 'සිසිල්' කියා ඔබ කියන්නේ කුමක් පදනම් කර ගෙනද ? මෙහි පද ඇමිණූ අවස්ථාවේ,පද වල නිවැරදි බව තහවුරු කර ගැනීමට පරිශීලනය කළ දෑ බොහෝය. මට ද මෙය "රිදී" ද "දිදී"ද යන දෙගෙඩියාවක් තිබුණි. කරුණාකර ඔබේ කියාපෑමට මූලාශ්‍ර දක්වන්න. තව දෙයක්, ඔබ කවුද යන්න දැනගන්න කැමතියි. සෘජුව කතා කරන අය "unknown" ලෙස දර්ශනය වන්නට සලස්වන්නේ නැත. උනන්දුව හා ප්‍රතිචාර හැම විට අගය කරමි. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ගීතයේ සිසිල් යැයි කීම

      Delete
    2. ගීයේ කියවෙන්නේ "සිසිල්" යයි ඔබ දැඩිව එල්බ ⁣ගෙන ඇති තාක් ඔබට එසේ යැයි ඇසෙනු ඇත. නුමුත් ගීයේ කියවෙන්නේ එසේ නොවේ. සමහර අය වචන උච්චාරණය කරද්දී අක්ෂර ඇතැමෙක් පැහැදිලිව එළියට නොඑන තත්වයන් ඕනෑතරම් තිබේ. ඒ ඔහුගේ හෝ ඇයගේ ශබ්ධ සංඛ්‍යාත වල පවතින තත්වයක් බැවිනි. නැවත නැවත අහන්න. හෙඩ්⁣ෆෝන් එකක් පැළඳ එසේ කරන්න.
      පහත මේ ගීයේ වීඩියෝවක් ඇත. එහි Original යැයි සඳහන් වුවත්, එය සාවද්‍යයි. එනමුත් මේ ගීයේ CT ගේ හඬ හොඳින් තිබේ. අසා බලන්න. "ගී අරණ" ආවට ගියාට ගීයක් ඉදිරිපත් කරන්නේ නැත. එහි ස්වයං නීති රාමුවක් තුළ කටයුතු සිදු කරනු ලබයි. වැරදි තිබෙන්නට පුළුවන. මෙතන නම් තිබෙන්නේ ඔබේ මනසේ කිඳා බැස ඇති එල්බ ගැනීමකි.
      මේක අහන්න.
      https://youtu.be/N9W4rykt6P4

      Delete
    3. ඔව් ,එය සත්‍යයකි

      Delete