සිංහල චිත්‍රපටි ගීත

Wednesday, May 20, 2020

තරිඳු සේ නිලඹරේ


තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න ....//

සඳ එළිය බලා මා පුබුදුවන විලාසෙන්
දුර සිටින ඔබ බලා නොතැවී හිඳින්නම් //

තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න

ළඟාවූ සියලු දෑ නිසරුවී ඇති නිසා
ඔබ ළඟා වනු එපා නොතැවී සිටින්නම් //

තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක


සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනට ඇතුළත්වූ ගීයකි. 2008 වර්ශයේ "ටොරානා" ලේබලයෙන් නිකුත්වූ "වාදකයාණනි" සංගත තැටියට හා කැසට් පටයට ඇතුළත් විය.

3 comments:

  1. මෙ ගීතයේ පදරචනය කුමාරදාස සපුතන්ත්‍රි ද?

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ.
      එතුමාගේ "තනි යහනේ" ගී සංග්‍රහයේ එම ගීය ඇතුළත්.

      Delete