සිංහල චිත්‍රපටි ගීත

Wednesday, December 4, 2013

සුපිපෙන මලකින්



සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එමල හැර දාලා
දුක දී ආදරයේ බිඟු යාද එමල හැර දාලා ...//

වනේ මලකට ළංවෙලා
රහස් හෙමිහිට කොඳුරලා ...//

සීත සුළඟේ සැරි සරා
පාමි පෙම් රැඟුමක් නුරා ...//

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එමල හැර දාලා
දුක දී ආදරයේ බිඟු යාද එමල හැර දාලා

වැල්ල සිපගෙන ආදරේ
රැල්ල පෙරළේ සාගරේ ...//

නැද්ද බඹරෝ මා කෙරේ
මුලදි පිදු ඒ ආදරේ ...//

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එමල හැර දාලා
දුක දී ආදරයේ බිඟු යාද එමල හැර දාලා ...//

ගායනය: අමිතා වැදිසිංහ
පද රචනය: හේම ශ්‍රී ද අල්විස්
තනුව: වික්ටර් දළුගම

No comments:

Post a Comment