සිංහල චිත්‍රපටි ගීත

Monday, December 16, 2013

ඉරට අකීකරු



ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී

එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කඳුළැලි ගඟ ළඟ ඉකිබිඳ නාඩන් //
රෝස කැලේ
රතු කැකුළී

ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී

දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නලියන කඳුළු සළන්නට
ලස්සන දවසක් හෙට හමුවේවා //
රෝස කැලේ
රතු කැකුළී

ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ
රතු කැකුළී

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - සරත් දසනායක

දිණුම් කණුව චිත්‍රපටියෙන්

No comments:

Post a Comment