සිංහල චිත්‍රපටි ගීත

Monday, December 2, 2013

අද දීගෙක ගිය නුඹ


අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //

මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා

පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ ////

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

මෙම ගීය දොරට වැඩියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළිනි. පසුව 1981 "චන්ද්‍රමඬල" කැසට් පටයටත්, 1998 සින්ග්ලංකා "නව රිද්ම ගී සොළොස" සංයුක්ත තැටිය හා කැසට් පටයටත් ඇතුළත් වුණා. 

No comments:

Post a Comment