සිංහල චිත්‍රපටි ගීත

Wednesday, December 4, 2013

කළේ පැන් ඇත


කළේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහ කොළ සුළඟ ඇත එද
සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ

කළේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ

පුරුදු නිවහන නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින් ///

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි ගීයකි. 1984 දී එය "පිනිබර යාමේ" කැසට් පටයටත්, 2001 වසරේදී "The best of Sunil 1" සංගත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

No comments:

Post a Comment