සිංහල චිත්‍රපටි ගීත

Saturday, December 7, 2013

ඉර හඳ පායන ලෝකේ

ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

උකුළේ ළමැදේ සමබර උසුලන //
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳූවැටි ගංගා සාගර එකසේ //
පොළොවට සමබර වේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

වැඩිවන ආශා මැඩලන වේගේ //
ජීවන මග කැළඹේ
ඒකම රස මුසුවේ
මහ මඩ වගුරේ වන විල් මතුවේ //
පියුම් පිපී නැටවේ
මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ

ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
සිකුරු තරුව චිත්‍රපටියෙන්

No comments:

Post a Comment