සිංහල චිත්‍රපටි ගීත

Saturday, March 14, 2015

ඈත සංසාරේ

ඈත සංසාරේ
නිබඳ බැඳී ආ සබඳකමක් විය
ඈත සංසාරේ

ඈත සංසාරේ
සබඳකමක් නැත හමුවීමක් මිස
ඈත සංසාරේ

දුකට හඬා වැටෙනා බොල් අහසට
තනිය මකන ඉරබට තරුවක් ලෙස

වැසි යදිනා ගිනිලන වැලි කතරට
සිහිල ගෙනා මදනල රැල්ලක් ලෙස
ඈත සංසාරේ
නිබඳ බැඳී ආ සබඳකමක් විය
ඈත සංසාරේ

භවෙන් භවය පැතු සුබ පැතුමක් නොව
යුගෙන් යුගය රැකි මහරු මිණක් නොව

තොළින් තොළග රැඳි හසරැල්ලක් නොව
අනන්තයක නැඟි දේදුන්නක් නොව
ඈත සංසාරේ
සබඳකමක් නැත හමුවීමක් මිස
ඈත සංසාරේ

ඈත සංසාරේ

ගායනය - නිරංජලා සරෝජිනී සමග ආචාර්ය රෝහණ වීරසිංහ යැයි සටහන් වී තිබුණි. එනමුදු ගීය ගායනා කරන්නේ රෝහණ වීරසිංහයන් සමග අනූෂා නානායක්කාර බව පෙන්වා දුන්නේ මෙහි පහත Comment  යොදන deedesign විසිනි.
මේ කාරණය එසේ වන්නට හේතු වූයේ කවර කාරණයක්ද බව Comment  එකට පිළිතුරු සටහනේ දක්වා ඇත. 
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රි
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


Painting -  by Deepa Vedpathak



3 comments:

  1. This song was sung by Dr. Rohana Weerasinghe and Anusha Nanayakkara
    Not Niranjala Sarojini

    ReplyDelete
    Replies
    1. මෙය පෙන්වා දීම ගැන ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. සාමාන්‍යයෙන් හැම ගීයක් ගැනම පෞද්ගලිකවම සොයා බලන මට මෙය හසු නොවූයේ එක් හේතුවක් නිසාය. ගීයේ පද රචකයා කුමාරදාස සපුතන්ත්‍රීය. එතුමාගේ නිර්මාණ ඇතුළත් "සපුමල සුවඳමය" කෘතියේ 444 වැනි පිටුවෙහි ඡායාරූපයක් මෙහි ගෙන හැර දක්වමි. එහි සඳහන් වන්නේ, රෝහණ වීරසිංහයන් සමග මේ ගීය ගායනා කරන්නේ නිරංජලා සරෝජිනී බවයි. කුමාරදාස සපුතන්ත්‍රී මහතාගේම කෘතියක එසේ තිබියදී තවද තහවුරු කර ගැනීමකට මා පෙළඹුණේ නැති වගයි මටද දැන් තේරුම් යන්නේ. මා උක්ත ගීය ගැන වැඩිදුර කරුණු සොයා බලන්නට පෙළඹුණේ සැබැවින්ම ඔබේ පෙන්වා දීමෙන් පසුයි. ඉතින් නැවත ද වරක් ඔබට ස්තුති පුදකරමි.
      මෙය වැඩිදුර විභාග නොකිරීම නිසා සිදුවූ දෝශයක් බව සඳහන් කරමි.

      Delete
  2. Thanks deedesign.
    මෙය පෙන්වා දීම ගැන ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. සාමාන්‍යයෙන් හැම ගීයක් ගැනම පෞද්ගලිකවම සොයා ලන මට, මෙය හසු නොවූ හේතුවද ඔබට පැහැදිලි කරමි. ගීයේ පද රචකයා කුමාරදාස සපුතන්ත්‍රී මහතාය. එතුමාගේ නිර්මාණ ඇතුළත් "සපුමල සුවඳමය" කෘතියේ 446 වැනි පිටුවෙහි උදෘතයක් මෙහි ලා ඉදිරිපත්පකර ඇත. ඉතින් තවත් කුමන තහවුරු කර ගැැනීමක් ද යැයි මට හිතෙන්නට ඇත. එහෙත් එය සදොස් බව ඉඳුරාම පිළිගනිමි. නැවත වරක් ඔබට ස්තුතිය පුද කරමි.

    ReplyDelete