බඳුන්
පිරී ඉතිරෙන මී
ලඳුන
ළවන් පුරා
නැගෙන
ගීතේ රැඟුම කෙරේ
අවර
බිඟුන් නුරා
සැන්දෑ
වලා පෙළින් මිදී
පහන්
සිලේ රැඳී
පාන
මියුරු ලීලා
පාන
මියුරු ලීලා
මැවේ
රැඟුම් අපේ
ගීත
නළු කලා පෙරපර යා නොදී බැඳී //
සිතුම්
පැතුම් මැදුම් මඟෙහී
රැඳී
රසින් වැඩී
නෑර
සිතු නොලා තම සතු ආර සුරකිමී //
දිගන්තයන්
සෙයින් වෙන්වී සදා පෙමින් රැඳී
බඳුන්
පිරී ඉතිරෙන මී
ලඳුන
ළවන් පුරා
නැගෙන
ගීතේ රැඟුම කෙරේ
අවර
බිඟුන් නුරා
ගායනය
- පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග නිරෝෂා විරාජිනී
පද
රචනය - බී.ටී. මෙන්ඩිස්
තනුව
- පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
"රන්සළු"
සිනමා සිත්තමට මුල් ගීය ගැයුවේ නෙවිල් ප්රනාන්දු විසිනි.
නෙවිල් ප්රනාන්දු නිර්මාණ ඇතුළත් පලකිරීමක් අඩවියේ වෙනත් තැනෙක ඇත. ඊට යොමුව
මේක මුලින් ගායනා කලේ නෙවිල් ප්රනාන්දු
ReplyDeleteසංගීතය අමරදේව
පද රචනය බී ටී මෙන්ඩිස්