සිංහල චිත්‍රපටි ගීත

Sunday, May 24, 2015

මාගේ දේශය

මාගේ හෘදය
මාගේ නේත්‍රය
මාගේ ප්‍රාණය
මාගේ දේශය ..//

(හා හා හා හා
හා හා හා)

උපදිමි ඔබ තුළ
ගැවසෙමි ඔබ ළඟ
නවතිමි ඔබ වෙත
මිය යමි ඔබ මත

මාගේ හෘදය
මාගේ නේත්‍රය
මාගේ ප්‍රාණය
මාගේ දේශය

ඔබගේ උණුසුම
දිවියෙහි සැනසුම
හෙළයෙහි මිහිරිම
වචනය ඔබෙ නම

මාගේ හෘදය
මාගේ නේත්‍රය
මාගේ ප්‍රාණය
මාගේ දේශය

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
(චිත්‍රය ප්‍රසන්න වීරක්කොඩි ශිල්පියාගේ නිර්මානයකි.)
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments:

Post a Comment