සිංහල චිත්‍රපටි ගීත

Friday, June 12, 2015

නන්දිකඩාල් දියවර මතුපිට

නන්දිකඩාල් දියවර මතුපිට හිත ඈතට ඇදුණා
පුංචි සංදියේ නුඹෙ අත අල්ලන්
වැව් ඉස්‌මත්තේ ගිය හැටි සිහිවූවා
නෙත කඳුළක්‌ පිරුණා //

නුඹ මා වැදු මේ උතුම් බිමේ
මේ නිල් දියවර නුඹෙ සුවඳයි අම්මේ
නුඹේ උණුහුමෙන් කරදඩු උස්‌වී
අවිය අත දරා පෙරමුණෙ මා සිටියා

නන්දිකඩාල් දියවර මතුපිට හිත ඈතට ඇදුණා
පුංචි සංදියේ නුඹෙ අත අල්ලන්
වැව් ඉස්‌මත්තේ ගිය හැටි සිහිවූවා
නෙත කඳුළක්‌ පිරුණා //

යුදට ගැමුණුවන් පුතෙකු හැදූ
වෙහෙර මහා දේවී නුඹමයි අම්මේ
අදින් මතුව හිනැහෙණු ආයේ
දීනූ ජයබිමෙන් මද්දු පුතා එනවා
හෙට අරුණැල්ලේ මා නුඹ වෙත එනවා

දීනූ ජයබිමෙන් මද්දු පුතා එනවා
හෙට අරුණැල්ලේ මා නුඹ වෙත එනවා ...//

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - චන්ද්‍රිකා මහගමආරච්චි
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments:

Post a Comment