සිංහල චිත්‍රපටි ගීත

Friday, July 1, 2016

ඉවසනු හදේ

ඉවසනු හදේ
විශ්වාසෙ ධෛර්ය දේ
සැනසෙනු ළඳේ
විශ්වාසෙ ධෛර්ය දේ
සැනසෙනු ළඳේ

ඵල නැතේ තැවුල් වී
උත්සහය ජය ලබාවී ..//

ඒ නිසා
වී තොසා
සෝක තාප දා නසා ...//

ඉවසනු හදේ
විශ්වාසෙ ධෛර්ය දේ
සැනසෙනු ළඳේ

ශපථ සාර කරවනු
ඉතිරින්ගෙ මහිම පෙන්වනු ...//

රාජ කුමරු පරදවනු
එඩිතරවනු දිරි ගනු

නැණ බලේ දිනාවී
ජය මාර්ගෙ ඉන් සැදේවී ..//

ඒ නිසා
වී තොසා
සෝක තාප දා නසා ..//

ඉවසනු හදේ
විශ්වාසෙ ධෛර්ය දේ
සැනසෙනු ළඳේ

ගායනය - ලතා වල්පොල
පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ මාතලන් චිත්‍රපටියෙනි.

No comments:

Post a Comment