බණ කියන රටක්
බණ අහන රටක්
යුද බිමක් වුණේ කෙලෙසා
එය නිවන මගක්
මල් පිපුණු ලොවක්
අපි දකිමු ඉතින් කවදා
පිං පුරණ හිතක්
පව් නොදුටු අතක්
යුද බිමට ගියේ කෙලෙසා
එය සොයන බවක්
නොදැනුණිය ඉවක්
යුද බිමක් වුණේ එලෙසා
බණ කියන රටක්
බණ අහන රටක්
යුද බිමක් වුණේ කෙලෙසා
එය නිවන මගක්
මල් පිපුණු ලොවක්
අපි දකිමු ඉතින් කවදා
සාමයට මඟක්
යුද බිමට මලක්
ගෙනියන්න කෙනෙක් නැතුවා
එය දකින ඇසක්
සිත් නිවන මඟක්
නොතිබුණිය රටම රවටා
බණ කියන රටක්
බණ අහන රටක්
යුද බිමක් වුණේ කෙලෙසා
එය නිවන මගක්
මල් පිපුණු ලොවක්
අපි දකිමු ඉතින් කවදා
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - එච්.එම්. ජයවර්ධන
No comments:
Post a Comment