හිතන්නෙපා ...
හිතන්නෙපා මා ගැන උඹ වැරදිම තාලෙට
මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණු ආලෙට
මට ඇතිවුණු ආලෙට ...//
මොන ගහේ පිපී තිබුණත් මල සුවඳයි නම් මට //
එය නෙළා සිඹිමි මල් පෙති වල අවසර තරමට
ඇති අවසර තරමට
හිතන්නෙපා ...
හිතන්නෙපා මා ගැන උඹ වැරදිම තාලෙට
මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණු ආලෙට
මට ඇතිවුණු ආලෙට
උඹ කොහේ ඉඳන් පැතුවත් මගෙ උණුහුම බිඳකට //
මඳ පවන් රොදක් සේ එන්නම් ළඟ දැවටෙන්නට
සියොළඟ දැවටෙන්නට
හිතන්නෙපා ...
හිතන්නෙපා මා ගැන උඹ වැරදිම තාලෙට
මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණු ආලෙට
මට ඇතිවුණු ආලෙට ...//
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - නිලාර් එන්. කාසිම්
තනුව - රෝහණ වීරසිංහ
No comments:
Post a Comment