දස මසක් කුසයේ දරා
පුතුන් වැදු ලෙස මව් එදා
සිය වසක් නුඹලා සිතින් දැරු
පියාණන් අද තනිවෙලා
පියාණන් තනිවෙලා
තුන් සිතින් නොපැතූ ලෙසින්
පිතු සෙනේ ගිලිහී යමින්
මා පෙලූව ද මේ ලෙසින්
නෑ දරුවනේ අහිතක් මගෙන්
දස මසක් කුසයේ දරා
පුතුන් වැදු ලෙස මව් එදා
සිය වසක් නුඹලා සිතින් දැරු
පියාණන් අද තනිවෙලා
පියාණන් තනිවෙලා
ඉණි වැටෙන් ජීවිත බෙදී
මිනිස්කම ගිලිහෙණු නොදී
එක තනේ කිරි බිව් ලෙසින්
යළි දරුවනේ සමගිව හිඳිව්
එක තනේ කිරි බිව් ලෙසින්
යළි දරුවනේ සමගිව හිඳිව්
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - රෝහණ වීරසිංහ
No comments:
Post a Comment