සිංහල චිත්‍රපටි ගීත

Wednesday, September 14, 2016

ගමේ පන්සල

ගමේ පන්සල
අපේ පන්සල
අපේකම රැක්කා
අපේ දානෙදි
අපේ මරණෙදි
අපේ ළඟ සිටියා ...//

අපේ ගම් වල අපේ දරුවන්
සසුන් ගත කරවා
නිවන් පුර වැද නිවී සැනහෙන
මාවතේ යැව්වා

ගමේ පන්සල
අපේ පන්සල
අපේකම රැක්කා
අපේ දානෙදි
අපේ මරණෙදි
අපේ ළඟ සිටියා

අපේ ජාතිය
අපේ ආගම
අපේ බව කිව්වා
අපේ දෙස බස
අපේ පන්සල නිසාවෙන් රැකුණා

ගමේ පන්සල
අපේ පන්සල
අපේකම රැක්කා
අපේ දානෙදි
අපේ මරණෙදි
අපේ ළඟ සිටියා

අපේකම රැක්කා
අපේ ළඟ සිටියා ...///

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments:

Post a Comment