ජාතියේ උදාර සිතුම්
දේශයේ උදාර පැතුම්
පුන්ය චේතනා
පුන්ය කල්පනා
නිදහස් ජය ගීත ඇසෙයි
නිදහස් සිතුවිලි පැවසේ
උපහාර වන්දනා
වන්දනා
දේශ භක්තියෙන් උපන්න
සමගි දාමයෙන් ප්රසන්න
ස්වයංපෝෂණය කරන්න අටු කොටු පුරවා
අත්වැල් බැඳ ඔකඳ වන්න
ලක් දරුවනි පෙරට යන්න
ජාතියේ උදාර සිතුම්
දේශයේ උදාර පැතුම්
පුන්ය චේතනා
පුන්ය කල්පනා
නිදහස් ජය ගීත ඇසෙයි
නිදහස් සිතුවිලි පැවසේ
උපහාර වන්දනා
වන්දනා
පඬුවස් මහසෙන් වගේම
ගාමිණි ගජබා වගේම
පැරකුම්බා රජුන් වගේ රට දැය නංවා
වැව් දාගැබ් තනා ගන්න
උදම් වෙවී පෙරට යන්න
ජාතියේ උදාර සිතුම්
දේශයේ උදාර පැතුම්
පුන්ය චේතනා
පුන්ය කල්පනා
නිදහස් ජය ගීත ඇසෙයි
නිදහස් සිතුවිලි පැවසේ
උපහාර වන්දනා
වන්දනා
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - චිත්රානන්ද අබේසේකර
තනුව - සමන් කුඹුකගේ
After long time i heard this ...we all with my children heard it today.very nice udara voice eka.edward mahathanani obata deergayu wewa
ReplyDelete