සිංහල චිත්‍රපටි ගීත

Wednesday, October 5, 2016

වාසනාව දොර ඇරලා බලනවා


වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා
ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා ...//

ඇසට ඇසක රැස් වැදී
හිතක නෙළුම් මල් පිපී
මුළු ලෝකේ මඟුල් ගෙයක් වේ
සන්තෝසේ ආවේ මල් සිහිනේ යාවේ //
දුක සෝකේ යයි ඇතක පාවීලා
       
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා
ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා ...//

සිහින තොටිල්ලේ වැදී
දෑස ආදරෙන් හිඳී
පෙම් ලෝකේ රන් තොරන් බඳී
සන්තෝසේ ආවේ මල් සිහිනේ යාවේ //
දුක සෝකේ යයි ඇතක පාවීලා

වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා
ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා ...//

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ එම්.එස්. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සරක් දසනායක

1973 දී තිරගත "සදහටම ඔබ මගේ" චිත්‍රපටියේ ගීයකි.

No comments:

Post a Comment