සිංහල චිත්‍රපටි ගීත

Saturday, December 31, 2016

වසන්තය ගෙවුණු තැන

වසන්තය ගෙවුණු තැන
මල් වැරූ ගසක් වන්
හුදකලා මගෙ ලොවට
හව්හරණ වෙනු ඉතින්

සාර ඵලවැල පිරුණු මිහි මඬල ඔබම නම්
වලාකුළු වියනක්ව ඒ මතම හිඳින්නම්
ඒ මතම හිඳින්නම්

වසන්තය ගෙවුණු තැන
මල් වැරූ ගසක් වන්
හුදකලා මගෙ ලොවට
හව්හරණ වෙනු ඉතින්

මිහිරි සත්සර මවන සිතාරය ඔබම නම්
සුමුදු දසැඟිලි තුඩු ව සෙමින් පිරිමදින්නම්
සෙමින් පිරිමදින්නම්

වසන්තය ගෙවුණු තැන
මල් වැරූ ගසක් වන්
හුදකලා මගෙ ලොවට
හව්හරණ වෙනු ඉතින්

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - ජගත් කුමාර ප්‍රේමතිලක
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments:

Post a Comment