සිංහල චිත්‍රපටි ගීත

Thursday, January 5, 2017

ඔබයි රම්‍ය සඳ කිරණ

ප්‍රේමයේ රුදුරු බව එයයි ..
මිදි යුෂ යැයි රැවටී හළාහල විෂ බිව්වේ ඇයි මා ...
පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුළාවුණේ ඇයි මා ..

ප්‍රේමයේ මධුර බව මෙයයි ...
ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ ....

හා හා හහා...
හා හා හහා...

ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ ...//

සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඪාගේ

ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය.
දැන් මගේ පරමාර්ථය ඔබය.
මගේ පරමාදර්ශය ඔබය.
මගේ ඒකායන ප්‍රාර්ථනය ද ඔබය.

ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ ...//

උදාවූ සුපෙම් දම් නුසුන්වී රැඳේවා
මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා

ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කළෙහිය.
දැන් මගේ අතීතය ඔබය.
මගේ වර්තමානය ඔබය.
මගේ උත්තරීතර අනාගතය ද ඔබය.

ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ ...//

හා හා හහා...
හා හා හහා... ..///

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments:

Post a Comment