සිංහල චිත්‍රපටි ගීත

Friday, January 27, 2017

ඔබ කළ පාපේ

ඔබ කළ පාපේ දිළිඳු කමයි

ඔබ කළ පාපේ දිළිඳු කමයි
එය අද ඔබගේ දෑස තෙමයි

දුප්පත් භාවයේ වෙලීලා
තුන් වේලේ තැවෙයි ...//

ඔබ කළ පාපේ දිළිඳු කමයි
එය අද ඔබගේ දෑස තෙමයි

දුප්පත් භාවයේ වෙලීලා
තුන් වේලේ තැවෙයි ...//

දුප්පත්කම ඔබ බිලිගෙන ඇත්තේ
ඝණඳුර වැහි කළු වාගේ ...//
අසරණයන් ලොව බිහි කරවන්නේ
බල ශක්ති දෝ කාගේ

දෙවියනි
බිහිකරවන්නේ ඇයි
අසරණයන් ලෝකේ
කොහේදෝ දයාවෙහි බව නෑ පෙනී

ඔබ කළ පාපේ දිළිඳු කමයි
එය අද ඔබගේ දෑස තෙමයි

දුප්පත් භාවයේ වෙලීලා
තුන් වේලේ තැවෙයි ...//

දෙවියනි අසරණ අයගෙ වේදනා
ඔබ හට සතුට ගෙනේදෝ ...//
ලොව දිළිඳුන්ගේ කඳුළු පිරීලා
විමාන නොගලනවාදෝ
නැතිවදෝ ඒ මහ බලේ ඔබගේ
අප සිතනා වූ විලසේ
නැති නම් බලේ වැඩිවන්නේ
කාටදෝ ලොවේ

ඔබ කළ පාපේ දිළිඳු කමයි
එය අද ඔබගේ දෑස තෙමයි

දුප්පත් භාවයේ වෙලීලා
තුන් වේලේ තැවෙයි ...//

ඔබ කළ පාපේ දිළිඳු කමයි
එය අද ඔබගේ දෑස තෙමයි

දුප්පත් භාවයේ වෙලීලා
තුන් වේලේ තැවෙයි ...//

ගායනය - මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1979 දී තිරගතවූ ගැහැණියක් චිත්‍රපටියේ ගීයකි.

මෙම ගීයේ තනුව හින්දි ගීයකින් උපුටා ගෙන ඇත. "Yaar Hamari Baat Suno" නම් එම ගීය Roti චිත්‍රපටියට ගැයුවේ කිෂෝර් කුමාර් විසිනි.

No comments:

Post a Comment