සිංහල චිත්‍රපටි ගීත

Friday, January 27, 2017

ලෝකේ ජීවත් වන්නට


ලෝකේ ජීවත් වන්නට ලස්සණ ඕනෑ වේ
ලෝකේ ලස්සණ වන්නට දෙදෙනෙකු ඕනෑ වේ ...//

මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)

වසන්ත සමීරෙ විමානෙ උපන්නියා
අනන්ත දයාව සෙනේහෙ විඳින්නියා

කිරිල්ලි කැදැල්ලෙ කුමක්ද සදන්නියා
තුරුළ්ව නිදන්න තොටිල්ල තනන්නියා

ලෝකේ ජීවත් වන්නට ලස්සණ ඕනෑ වේ
ලෝකේ ලස්සණ වන්නට දෙදෙනෙකු ඕනෑ වේ ...//

මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)

යෞවන සුළඟේ මල් අතු නැමී ගියා
සමනල වයසේ සිතුවිලි සැදී ගියා
සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා
හදවත දෙගොඩින් සෙනෙහස ගලා ගියා

ලෝකේ ජීවත් වන්නට ලස්සණ ඕනෑ වේ
ලෝකේ ලස්සණ වන්නට දෙදෙනෙකු ඕනෑ වේ ...//

මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන සහ ලතා වල්පොල
පද - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

1978 දී තිරගතවූ ජනක සහ මංජු චිත්‍රපටියේ ගීයකි.

No comments:

Post a Comment