වටී
වටී ඔබ මට මැ වටී
බෝධියකින්
වට බෝ කොළයක් සේ
අගී
අගී ඔබ මට මැ අගී
කැටපත්
පවුරින් ගිලිහුණු කවියක්
සොරකම්
කරගත් සෙරක ලෙසින්
සඟවාගෙන
ඔබ සුරකිමි හද ගැබ
තනිවම
කියවමි පද'රුත් පසිඳමි
කලා
වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී
වටී ඔබ මට මැ වටී
බෝධියකින්
වට බෝ කොළයක් සේ
අගී
අගී ඔබ මට මැ අගී
සමනල
සිරසින් විහිදුණු බුදු රැස්
සියැසින්
දැකගත් මෙහෙණක මෙන්
පරමානන්දය
ලබමින් ඔබ ළඟ
සඟමොක්
සැපතෙහි අමරස වළඳමි
කලා
වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී
වටී ඔබ මට මැ වටී
බෝධියකින්
වට බෝ කොළයක් සේ
අගී
අගී ඔබ මට මැ අගී
ගායනය
- විශාරද නන්දා මාලිනී
පද
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව
- ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment