සිංහල චිත්‍රපටි ගීත

Thursday, January 5, 2017

සුලලිත වූ කලා මිහිරෙන්


සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්
සුමධුර ගී ගයා සෝක සින්දවා
ප්‍රීති හදෙ වඩවමී
සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්

රූපෙ ලංකාරයෙනි
මෝහේනී මාව මත්වී
ආසා හර්දේ වැඩේවී//
ලජ්ජා හිතේ

සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්
සුමධුර ගී ගයා සෝක සින්දවා
ප්‍රීති හදෙ වඩවමී
සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්

සපිරි මාගේ තරුණ කාලේ
සිරිය විහිදේ රම්බා සේ
රුසිරු පානා කොමල මුහුණා
රෝස මල වගෙ දිලෙන්නා//

අමර ප්‍රේම ධාරා
මධුර මී උරාලා
සැපතේහී ගැලීලා//
ප්‍රේම ලොවේ

ප්‍රීති වන ලෙස මෙමාහා
ප්‍රේම රස විඳ නිති ඉඳා
තාම ඇයි පරමාදෙ මේ//

සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්
සුමධුර ගී ගයා සෝක සින්දවා
ප්‍රීති හදෙ වඩවමී
සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්
සුලලිත වූ කලා මිහිරෙන්
සුරම්‍ය වූ රහා දෙන්නෙම්

ගායනය - ලතා වල්පොල
පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව - ආර්. මුත්තුසාමි

1955 දී තිරගත වූ මාතලන් චිත්‍රපටියේ ගීයකි.

No comments:

Post a Comment