සිංහල චිත්‍රපටි ගීත

Thursday, January 5, 2017

බුද්ධානුභාවේන

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානී ...//

තණ්හා උපාදාන පරිදේව වියැකී
අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ
හඬවා රුවන් දැල් මංගල්‍ය ප්‍රීතී
හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානී

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානී

භෘංගාවලී රාව ප්‍රතිරාව නංවා
බන්දා ප්‍රශංසා ජය කේතු කේලී
දසතින් ගලා ක්ෂීර පායාස ධාරා
හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානී

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානී
හෙළ දෙරණ ජන ජයතු ..
ජයමංගලානී ...

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - විශාරද නන්දා මාලිනී

No comments:

Post a Comment