සිංහල චිත්‍රපටි ගීත

Sunday, November 11, 2018

කවදා කොයි වෙලේ




කවදා කොයි වෙලේ කොහේ
හමුවේ නම් සිනාසිසී
පෙරදා මෙන් ඔබයි මමයි
රිදවා සිත් තලා පෙළා
තරහා නැතැයි මුමුනමු යළී
සඳ කැළුම් පිරුණු මාවතේ

නින්දෙන් නින්ද රෑ දිගයි
සෝදා පාළුවේ
එක්ටැම් ගේ දිහා බලා
ඈතින් මා හිඳී
කන්‍යා තාරකාවියේ
තනිවී දුකින් හිඳී

කවදා කොයි වෙලේ කොහේ
හමුවේ නම් සිනාසිසී
පෙරදා මෙන් ඔබයි මමයි
රිදවා සිත් තලා පෙළා
තරහා නැතැයි මුමුනමු යළී
සඳ කැළුම් පිරුණු මාවතේ

වැස්සෙන් වැස්ස මල් හැලෙයි
ආයේ මල් පිපෙයි
අවුලෙන් අවුල කල් ගෙවෙයි
පීඩා සන්සිඳෙයි
කඳුළෙන් කඳුළ වස් වැදේ
වෙන්වූ සිත් හැදේ

කවදා කොයි වෙලේ කොහේ
හමුවේ නම් සිනාසිසී
පෙරදා මෙන් ඔබයි මමයි
රිදවා සිත් තලා පෙළා
තරහා නැතැයි මුමුනමු යළී
සඳ කැළුම් පිරුණු මාවතේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
 

(චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේය)

No comments:

Post a Comment