ඔබේ පසුපස්සේ මා කැඳවා //
යන්නෙ ඇයිද මෝහිණිය සේ
රූපෙන් මා වසා යළී
ඔබේ පසුපස්සේ මා කැඳවා
දෑසමන් පවන් වැදී
රන් බඳේ මෙමා හැපේ ...//
ගංගා දියෙන් පේවී උදේ //
නූපුර පා සොලවා
ඔබේ පසුපස්සේ මා කැඳවා
රෝසමල් පිපෙයි අතේ
රන් හසුන් නටයි ළැමේ ...//
සුවඳින් ළයේ මා සිත් ඇරේ //
චෝලිය හා නැවතී
ඔබේ පසුපස්සේ මා කැඳවා //
යන්නෙ ඇයිද මෝහිණිය සේ
රූපෙන් මා වසා යළී
ඔබේ පසුපස්සේ මා කැඳවා
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - ආචාර්ය ප්රනීත් අභයසුන්දර
තනුව - මහාචාර්ය සනත්
නන්දසිරි
No comments:
Post a Comment