සිත නින්නද දීලා
රස කැන්දන ලීලා
මනරංජන ගජබින්න ගොතාලා
පිනවන්නට ඔහෙලා
ඉඩ දෙන්නකො හිතලා
නැටවෙන්නට කපිරිඤ්ඤා කියාලා ..//
වියෝලේ හැඬවෙන්නේ
රබානේ නද දෙන්නේ
සංගීතේ පැතිරෙන්නේ
සන්තෝසේ ඉතිරෙන්නේ
සැණකෙළියේ සාදේ කපිරිඤ්ඤා ගයන්නේ
සමනලියෝ තාලෙට පා තබා රඟන්නේ
සිලි සිලියේ ටිකිරි සිනා දසත ගලන්නේ
සඳඑළියේ මධු බඳුනේ සතුට පිරෙන්නේ
හොඳට නටාලා රස ගී සිංදු කියාලා
හැම දෙන විනෝද වන්නේ
වියෝලේ හැඬවෙන්නේ
රබානේ නද දෙන්නේ
සංගීතේ පැතිරෙන්නේ
සන්තෝසේ ඉතිරෙන්නේ
ගහන රබන් පාරට මල් බෝල හැලෙන්නේ
අහන ගමන් ලාවට ඉඟසුඟ නැටවෙන්නේ
රාගෙට සංගීතෙක රස ලෝකෙ මැවෙන්නේ
ආලකමන්දාව වගේ නේද දැනෙන්නේ
හොඳට නටාලා රස ගී සිංදු කියාලා
හැම දෙන විනෝද වන්නේ
වියෝලේ හැඬවෙන්නේ
රබානේ නද දෙන්නේ
සංගීතේ පැතිරෙන්නේ
සන්තෝසේ ඉතිරෙන්නේ
සිත නින්නද දීලා
රස කැන්දන ලීලා
මනරංජන ගජබින්න ගොතාලා
පිනවන්නට ඔහෙලා
ඉඩ දෙන්නකො හිතලා
නැටවෙන්නට කපිරිඤ්ඤා කියාලා
වියෝලේ හැඬවෙන්නේ
රබානේ නද දෙන්නේ
සංගීතේ පැතිරෙන්නේ
සන්තෝසේ ඉතිරෙන්නේ
ගායනය - උපාලි කන්නංගර
පද - හේමසිරි හල්පිට
තනුව - ප්‍රකට කපිරිඤ්ඤා නාදරටා ඇසුරින් සංගීත අදියුරු, උපාලි
කන්නංගර
No comments:
Post a Comment