සැනසුම ඔබ සතු වේ
සුදු ඔබ මොනවා කළත්
අහිතක් නෑ හිතුවේ ...//
මා ලැබු ජීවිතයේ
පැමිණෙන දුක් පැණි රසයි
ලැබෙන දෙයක් දෙන්නටයි ...//
රත්තරනේ ඔයා ඉන්න පොඩි පැල්පත මට සැපයි //
මා ලැබු ජීවිතයේ
සැනසුම ඔබ සතු වේ
සුදු ඔබ මොනවා කළත්
අහිතක් නෑ හිතුවේ
මා ලැබු ජීවිතයේ
දෑත දෙපය ජීවිතේ
සවි ඇති තුරු මේ හිතේ ...//
කෙනෙක් ළඟට අත පාන්න යන්න දෙන්නෙ නෑ ප්රියේ //
මා ලැබු ජීවිතයේ
සැනසුම ඔබ සතු වේ
සුදු ඔබ මොනවා කළත්
අහිතක් නෑ හිතුවේ
මා ලැබු ජීවිතයේ
අවාසනාවයි දුකයි
මා ලැබු දේ එපමණයි ...//
ඔබ පොඩ්ඩක් හිනාවෙන්න ඒ මොහොතෙදි මට සැපයි //
මා ලැබු ජීවිතයේ
සැනසුම ඔබ සතු වේ
සුදු ඔබ මොනවා කළත්
අහිතක් නෑ හිතුවේ ...//
මා ලැබු ජීවිතයේ
ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ඇලෝයි ගුණවර්ධන
තනුව - මොහොමඩ් සාලි
No comments:
Post a Comment