සිංහල චිත්‍රපටි ගීත

Thursday, December 20, 2018

ප්‍රේමය නම්



ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයි ...//

ප්‍රභාවත් වූ වත මඬල ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක කාන්තියයි

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයි

දොඩන වදනින් ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයි ....//

ගායනය - නන්දා මාලිනී
පද - මහාචාර්ය සුනිල් ආරියර.ත්න
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments:

Post a Comment